අවශ්‍යය ද්‍රව්‍ය ප්‍රමාණය
රතු ලූණූ 250gm
සුදු ලූණු 100gm
වියලි දෙහි කොල කොල 3ක් පමණ
රතු විනාකිරි 400ml
කෘතිම විනාකිරි 400ml
ලුනු කුඩු තේ හැඳි 2ක් පමණ
ගම් මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක් පමණ
තිරිඟු තෙල් 450ml
සාදාගන්නා ආකාරය
සිහින්ව කපාගත් සුදු ලූණු, රතු ලූනු, රතු විනාකිරි සහ කෘතිම විනාකිරි සමඟ එකට එකතු කර දෙහි කොල ස්වල්පයක් සමග මිනිත්තු 20ක් මඳ රස්නයෙන් තම්බා ගන්න. ඉන්පසු දෙහිකොල ඉවත් කර blender එකට දමා උකු ගතිය වනතෙක් අඹරාගන්න. ඉන්පසු ඉතාම සිහින් පෙනේරයකට දමා මෙම දියරය පෙරාගන්න. පෙරාගත් දියරය තිරිඟු තෙල් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
මේ ආකාරයට ඔබට Onion Dressing 1ක් සාදාගත හැකිය.

No comments:
Post a Comment